සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඔක්තෝබර් මුල් දින 9 තුළ සංචාරකයින් 46,868ක් ශ්‍රී ලංකාවට

ඔක්තෝබර් මාසයේ මුල් දින නවයකදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46,868ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අතරින් ඉන්දියාවෙන් 14,221ක් (30.3%) පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් 3,171ක්, ජර්මනියෙන් 2,652ක්, චීනයෙන් 4,416ක් සහ බංග්ලාදේශයෙන් 2,158ක් පැමිණ ඇත.

2025 ජනවාරි 1 සිට ඔක්තෝබර් 9 දක්වා සමස්ත සංචාරක පැමිණීම් 1,772,362ක් වාර්තා වී ඇති අතර, ඉන් 389,513ක් ඉන්දියාවෙන්, 165,064ක් එක්සත් රාජධානියෙන් සහ 124,113ක් රුසියාවෙන් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Tags