සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දික්වැල්ලේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු පිහිනුම් තටාකයක දියේ ගිලි මිය යයි

දික්වැල්ල, දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව දික්වැල්ල පොලිසිය තහවුරු කරයි.

මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ශිෂ්‍ය සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නම් සිසුවාය.

පොලිස් වාර්තා අනුව, පෙරේදා (ඔක්තෝබර් 5) සවස 6.30ට පමණ, පාසල් ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ක්‍රීඩාවක් පවත්වන අවස්ථාවේදී විසිවූ පන්දුවක් යාබද පිහිනුම් තටාකයකට වැටී තිබේ. එම පන්දුව ලබා ගැනීමට සිසුවා තටාකයට පැන ඇති අතර, එවිට ඔහු දියේ ගිලී අනතුරට පත් වූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරට පත් සිසුවාව වහාම බතීගම රෝහලට ඇතුළත් කළ නමුත්, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රෝහලට රැගෙන එන විටම ඔහු මියගොස් සිටියේ බවය.

මෘත ශරීරය දැනට බතීගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Tags