දේශීය පුවත්
තැපැල් වර්ජනය අඛණ්ඩව
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ඉල්ලීම් 19ක් මුල් කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා බවත් අද (19) දිනයේ සිය ගැටළු සම්බන්ධව ජනාධිපතිවරයාට සන්දේශයක් භාරදීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය පිළිබඳව අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.
වැඩවර්ජනය නතර කර සාකච්ඡාව මාර්ගයෙන් මෙම ගැටළුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
