සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ලංකාවේ තරුණයින් සිටි බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනි

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරත මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

මෙම ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් සිට තිබෙනවා.

බස් රථය ගිනි ගැනීමත් සමඟ එහි දොර අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත් ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් පාදයක් තුවාල වූ එක් අයෙකු රෝහල් ගතකර ඇතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොව බව සඳහන්.

එරට ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ ඒ හැරෙන්න කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බවත් මේ සම්බන්ධව විවිධ සටහන් තබා ඇතත් තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බවත්ය.

තවද අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන අතර අනෙක් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත වනදා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Tags