සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියට ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙක් රිමාන්ඩ්

තලවතුගොඩ පිහිටි ක්‍රීඩා සමාජ සංකීර්ණයකදී හටගත් ආරවුලකින් පසුව වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියෝගයකට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු නිලධාරියෙකි.

මාලඹේ ප්‍රදේශයේ පදිංචි අදාළ ව්‍යාපාරිකයා සහ සිවිල් ඇදුමින් සැරසී සිටි සුරාබදු නිලධාරියෙකු අතර ඡායාරූපයක් පිළිබඳව ඇති වූ බහින්බස් වීමක් අද (19) අලුයම ඇති වූ මෙම ආරවුලට මුල්වී ඇති බව සඳහන්.

මෙම ආරවුල පසුව ගැටුමක් දක්වා වර්ධනය වී තිබූ අතර මෙහිදී ව්‍යාපාරිකයා සිය ඉනෙහි සඟවා ගෙන තිබූ රිවොල්වරයක් ගෙන සුරාබදු නිලධාරියාට වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි අනාවරණය වී තිබුණේ.

අනතුරුව සුරාබදු නිලධාරියා විසින් රවෝල්වරය උදුරාගෙන වෙඩි ප්‍රහාර 4ක් පමණ අසල තිබූ තාප්පයට එල්ල කර තිබෙනවා.

පසුව පොලිසියට සිදුකළ දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා.

Tags