සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමට ඇමති බිමල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මුදා හරින ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කැබිනට්ටුවට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට අදාළ කැබිනට් ලේකම් කාර්යාලය විසින්ම නීතිපතිවරයාගේ උපදෙස් පතන ලද අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇති බව සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා හේතුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තා වනවා.

Tags