සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

උඩුකය නිරුවත් මහ මඟ ගමන් ගත් විදෙස් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශීය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බීච් හට් හෝටලයේ සිට ඕසෙන් ස්කයි හෝටලයේ පිවිසුම දක්වා අදාළ කාන්තාව මෙලෙස නිරුවතින් ගමන් කර ඇති බවයි.

මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බවද වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබෙනවා.

මෙම කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පොතුවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Tags