සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පුවතක්

යල කන්නයේ අස්වැන්න නෙළීමේ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීමට ආරම්භ කිරීමට නියමිතයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සුදානම් කර ඇති බවයි.

වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

වී මිලදී ගැනීම සඳහා මේ වන විට රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බවද ඒ මහතා පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක, සම්බා වී කිලෝවක් රුපියල් 125කට හා කීරි සම්බා වී කිලෝවක රුපියල් 132ක රජයේ ගබඩාවලට මිලදී ගැනීමට නියමිත බවත් ප්‍රමිතිගත වී සියලු ගොවීන්ට මෙම ගබඩාවලට ලබාදිය හැකි බවත්ය.

මේ අතර තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102කට සම්බා තෙත වී කිලෝවක් රුපියල් 105කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් 112ක් ගොවියාට විකිණිය හැකි වනවා.

Tags