දේශීය පුවත්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ධුර අත්හරියි
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තම පාර්ලිමේන්තු ධුර අත්හරිමින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළා.
ඊයේ (11) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කළ ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨයේ විවෘත කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, පාර්ලිමේන්තු ධුර අත්හරින මෙම මන්ත්‍රීවරුන්ගේ තීරණය පක්ෂය සහ රට වෙනුවෙන් සිදුකරන කැප කිරීමක් බවත්, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙවැනි පරිත්‍යාග කිරීම දුර්ලභ බවත්ය.
“ඒ මහා පරිත්‍යාගයන් කරන්නේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින්” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
