සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තවදුරටත් සහන ගන්න නියෝජිතයන් පිරිසක් අද හෙටම අමෙරිකාවට

අමෙරිකාවට මෙරටට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබාගැනීමට එළැඹෙන අගෝස්තු පළමු වනදාට පෙර අමෙරිකාව සමඟ සාකච්ඡා සිදුකරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි.

රටවල් 100කට ආසන්න ගණනක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වා දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මසදී කටයුතු කළා.

එහිදී ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවුවා.

කෙසේ වෙතත් රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන එය ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයකට අත්හිටුවීමට ට්‍රම්ප් පියවර ගනු ලැබුවා.

අමෙරිකාව නව තීරුබදු සම්බන්ධව පසුගිය 09 වනදා මෙරටට නිල වශයෙන් දැනුම් දී තිබූ අතර ඒ අනුව පනවා තිබූ නව තීරු බද්ද 30%කි.

මෙම තීරණය අගෝස්තු පළමු වනදා සිට බලාත්මක වීමට නියමිතයි.

මේ අතර අමෙරිකාවෙන් බදු සහන ලබා ගැනීම වෙනුවෙන් අගෝස්තු පළමු වනදාට පෙර තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා කියා සිටියේ මෙරට නියෝජිත පිරිස ඉදිරියේ දී අදාළ සාකච්ඡාවට සහභාගී වීම සඳහා අමෙරිකාවට පිටත්ව යාමට නියමිත බවයි.

පසුගිය 12 වනදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධව අවධානය යොමු බවද ඔහු සඳහන් කළා.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එම සාකච්ඡාවල දී අමෙරිකානු භාණ්ඩ ආනයනය පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි.

Tags