සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තීරු බදු ගැන සාකච්ඡා කරන්න ලංකාවේ නියෝජිතයින් පිරිසක් 18 වනදා අමෙරිකාවට

අමෙරිකානු තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 18 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපේ කණ්ඩායම වොෂින්ටන්වලට යනවා. සාකච්ඡා දිගටම යනවා. උපරිම උත්සහ කරනවා අගොස්තු 01 කලින් අපි මත පනවපු බදු අඩුකර ගන්න. ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එන්න දැනටමත් සාකච්ඡා කරලා තියනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.”

Tags