දේශීය පුවත්
විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
මේ වසරේ මැයි මසදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ අනුව 2025 ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී ඇති බවයි.
මේ වසරේ මැයි මසදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
2025 වසරේ ගත වූ කාලය තුළදී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බවද මහ බැංකුව සඳහන් කරනවා.
මේ අතර වාහන ආනයනය සඳහා මැයි මසදී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මස දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්.
මහ බැංකුව පැවසුවේ මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු බිලියන බිලියන 6.3ක් වන බවයි.
එය අප්‍රේල් මස පැවැති මට්ටමට බොහෝ දුරට සමාන බවද ඔවුන් පවසනවා.
