සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නාමල් සහ හිටපු ඇමතිවරුන් පිරිසක් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාවේ දී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්ව ඇති බවයි.

මෙම සාකච්ඡාව සඳහා ඩීවී චානක, තේනුක විදානගමගේ,ඉන්දික අනුරුද්ධ, වෛද්‍ය රමේෂ් පතිරණ රෝහිත අබේගුණවර්ධන පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ, සම්පත් අතුකෝරළ, අනූප පැස්කුවල් , මදුර විතානගේ ප්‍රේමනාත් සී දොළොවත්ත විජිත බේරුගොඩ චින්තක මායාදුන්නේ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණේ පසුගිය කාලයේ දී ඉවත් වී දේශපාලන කටයුතුවල නියැලුණු කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කනක හේරත් තාරක බාලසූරිය සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුන් සහභාගි වී නොමැති බවද වාර්තා වනවා.

Tags