සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දුව කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වැරදිකරු බවට තීරණය වීමෙන් අනතුරුවයි.

මීට අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම කොමිසම ඊයේ (19) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නිලන්ත ජයවර්ධන මහතායි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිය Youtube නාලිකාව ඔස්සේ සිදුකළ අනාවරණයක් ද සිදුකර තිබෙනවා.

https://youtu.be/GeMDdZoNwVQ

Tags