සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගොඩගැසී තියෙන නඩු භාණ්ඩ සම්බන්ධව දැනුම් දීමක්

අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වනවා.

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ පිළිබඳව තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදු වුණා.

ඒවා කඩිනමින් නිෂ්කාශන කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.

එම කොමිසම පෙන්වා දෙන්නේ අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහේස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන් මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බවයි.

තවද නිෂ්කාශනය කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය නිෂ්කාශනයක් මඟින් සොයා බැලීමට නියමිතව තිබෙනවා.

එහි මාසිකව ප්‍රගති වාර්තාවක් යොමු කරන ලෙස සියලු විනිසුරුවරුන් වෙත අවධාරණය කර ඇති බවද සඳහන්.

නඩු භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම සියලු අධිකරණවල සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික සහ සාමූහික වගකීමක් වන බවත් පවරණ රාජකාරී ඉටු නොකරන කාර්ය මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

Tags