සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීච් දූපත් අසල දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට

දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීච් දූපත් අසල දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු දියේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අනතුර අද (06) පස්වරු 3.30ට පමණ සිදුවී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දිය ගසාගෙන ගිය පුද්ගලයින් බේරාගැනීමට උත්සාහ දරා ඇත. එහිදී 32 හැවිරිදි මැදවියන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව බතීගම රෝහලට රැගෙන ගොස් ඇත.

අනෙක් 51 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් බරපතල තුවාල සහිතව මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දික්වැල්ල පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Tags