දේශීය පුවත්
රනිල් බලන්න මහින්ද සහ සජිත් බන්ධනාගාර රෝහලට
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබෙනවා.
අද (23) උදෑසන 9.30ට පමණ ඒ මහතා සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ සිටියා.
මේ අතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) උදෑසන පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ “දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙනි.
රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පිළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව තවමත් තමාට ආදරය කරන බවයි.
“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
