සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පැවසුවේ මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස.

ඒ වගේම අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා”.

Tags