දේශීය පුවත්
වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි
මිද්දෙනිය, තෝරකොළයාය ප්‍රදේශයේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් මෙලෙස ඝාතනය වී ඇති බවයි.
අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමඟ එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
