සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ හීනටිය මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් එක් අයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආපසු යන අතරවාරයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වනවා.

මොහු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙසද හඳුනාගෙන තිබෙනවා.

Tags