සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පියංකර ජයරත්නට එරෙහි නඩුවක් දෙසැම්බර් 10 වැනිදා කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් දෙසැම්බර් 10 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ‍.

ඒ අනුව, අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා විසින් පාර්ශ්වකරුවන්ට අවසර දුන් අතර, ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට දින නියම කරනු ලැබුවා.

2013 සැප්තැම්බර් 21 වැනිදා සිට ඔක්තෝබර් 24 වැනිදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, රුපියල් 494,000 ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින්, අල්ලස් පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Tags