සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තංගල්ලේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

තංගල්ල නොටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද (07) පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකළා.

පොලීසිය පැවසුවේ මෙහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැණුනු අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බවයි.

මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ (06) මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරික්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බවද වාර්තා වනවා.

Tags