සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයක නිරත වෙයි

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දින සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මේ අනුව අද (21) උදෑසන 8 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින් ඊයේ (20) දින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (21) දින බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ග සිදු කරන බවද ඔහු කියා සිටියා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (21) සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.

වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත් වුණා.

Tags