සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන් වෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන්ව තිබෙනවා.

කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන අස්ගිරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්ව තිබෙනවා.

අනතුරුව ඔහුව පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවද වාර්තා වනවා.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Tags