දේශීය පුවත්
ලොකු පැටී අපරාධ රැසක් ගැන තොරතුරු හෙළි කරයි
අපරාධ කල්ලි නායකයෙකු වන ලොකු පැටී සතුව තිබූ ගිනිඅවි හයෙන් දෙකක් සොයා ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා.
ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැති අපරාධකරු ආරක්ෂක අංශ විසින් පසුගිය බෙලරූස් රාජ්‍යයේ සිට මැයි මස 4 වනදා දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඔහු පිළිබඳව විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පැවරුණු අතර මේ අනුව සැකකරු දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් මේ වන විටත් සිදු කෙරෙනවා.
ඒ අනුව මෙම අපරාධකරු විසින් සිදුකළ ඝාතන මෙන්ම ඔහු සතු ගිනිඅවි හා දේපල පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට එම කොට්ඨාසය සමත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ 2023 හා 2024 වසරවලදී ඔහුගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ පුද්ගලයින් දෙදෙනෙක් අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවලදී ඝාතනය කර ඇති බවයි.
තවද ඇන්ටා නම් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට එම උත්සහාය ව්‍යාර්ථ වූ බවද ලොකු පැටී අනාවරණය කර ඇති බවද වාර්තා වනවා.
රොටුඹ අමිල නම් අපරාධකරුගෙන් තමා විවිධ අවස්ථාවලදී ගිනිඅවි ලබාගත් බවත් ඒ අතර T 56 ගිනිඅවි තුනක් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවි 3ක් ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ එම පිස්තෝල තුනෙන් දෙකක් මේ වන විටත් සොයා ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව ඇති බවයි.
