දේශීය පුවත්
මනූෂ නානායක්කාරගේ අපේක්ෂිත ඇපය ගැන තීරණය 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට දැනුම්දීමක්
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉකුත් රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
