දේශීය පුවත්
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.
කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරා පත් කර ගැනීම කටයුතු අද (18) උදෑසන රැස්වූ ආරම්භ වුණා.
එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා.
කොළොන්නාව නගර සභාවේ ආසන ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණා.
කෙසේ වෙතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර සමඟි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කළා.
මේ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාවේ නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිව තිබෙනවා.
මේ අතර කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ සමඟි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උපසභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බවයි.
