සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

ඒ අනුව ඔහු හෙට (10) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අද (09) තුන්වන දිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබුණා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදු කිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්.

මේ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ බැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ නිශාන් ධනසිංහ මහතා පත්කෙරුණා.

Tags