සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නව ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස අනුෂා ගෝකුල පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම මහත්මිය වෙත භාර දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය, මෙම පත්කිරීමට පෙර, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අයෙකි.

Tags