සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොළඹ තුරඟ තරඟ පිටියේදී ආසියානු රග්බි සත්සාමාජික අවසන් අදියර අරඹයි

2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගී වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ චීනයේ හැංෂෝ නගරයේදී පැවති අදියරේදී පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වූ අතර, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට, කාන්තා කණ්ඩායම නවවන ස්ථානයට පත්විය.

මෙම අවසන් අදියරට පෙර පිරිමි ශ්‍රේණිගත කිරීම් අනුව හොංකොං පළමු ස්ථානයේ පසුවන අතර, ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව අනෙකුත් ස්ථානවල පසුවෙති.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘C’ කාණ්ඩයෙන් තරගවදින අතර, එම කාණ්ඩයට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත් වේ. ශ්‍රී ලංකාවගේ පළමු තරගය අද දහවල් 12.40ට උස්බෙකිස්තානයට එරෙහිව, දෙවන තරගය පස්වරු 5.04ට සිංගප්පූරුවට එරෙහිව සහ අවසන් තරගය රාත්‍රී 9.50ට චීනයට එරෙහිව ක්‍රීඩා කෙරේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමගේ පළමු තරගය පෙරවරු 10.28ට තායිලන්තයට එරෙහිව පැවැත්වෙන අතර, ඔවුන්ට රන්දිකා කුමුදුමාලි නායකත්වය ලබා දී ඇත. පිරිමි කණ්ඩායමට මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා නායකත්වය වහා.

ශ්‍රී ලංකා රග්බි සංගමය සඳහන් කරන්නේ මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සැලසූ බවයි.

Tags