සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා CID වෙතට

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකය මඟින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලස්ථානයට භාර දී ඇති බව සඳහන්.

ඉන්දුනීසියාවේ දී ජකර්තා නුවර සිට පැමිණි UL 365 දරන ගුවන් යානයෙන් ඊයේ (29) පස්වරු 5.50ට පමණ ඔවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවා ද අත්අඩංගුවට පත් වුණා.

කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට ඒවා ඇති බවද වාර්තා වනවා.

Tags