සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

BREAKING – හිටපු ජනපති රනිල්ට ඇප ලැබෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Tags