සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වත්කම් සඟවන දේශපාලකයන්ට අල්ලස් කොමිසමෙන් වැටක්

රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් ඇතුළු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිලිබඳ විස්තර ද ඇතුළත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බවයි.

දේශපාලනඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම නව ක්‍රියාමාර්ග මඟින් එවැනි කටයුතු වළක්වාලීමටයි එම කොමිසම අදහස වී ඇත්තේ.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වනදාට ඇති සියලු දේපළ සම්බන්ධ විස්තර ඇතුළත් වත්කම් බැරකම් ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට මේ මස 30 වනදාට පෙර භාර දිය යුතු වනවා.

මේ අතර නවවන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ද වසර 2ක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එම සභාව පෙන්වා දෙන්නේ දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවයි.

 

Tags