සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීම ගැන චන්ද්‍රිකාගේ මතය

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසනවා.

පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමඟ එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේ වෙතත් අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරනවා.

Tags