සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රුපියල් තිස් හය ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත” ඔස්සේ පිටතට ගෙන යාමට තැත් කළ අවස්ථාවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය.

සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ සගවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700ක් සහ විද්‍යුත් දුම්වැටි 36ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ.

Tags