දේශීය පුවත්
රේගුව ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම ලබයි
රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මසදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසනවා.
අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවැති ශ්රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
පසුගිය මසදී රේගු ආදායම ලෙස රුපියල් බිලියන 235ක ආදායමක් ලැබූ බවයි මෙහිදී අදහස් දක්වමින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
“ගිය මාසේ අපිට මාසික රේගු ආදායම වුණේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ශයේදී රුපියල් බිලියන 100 ඉක්මවපු අපි මහා දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා කියලා නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිල්ලා තියෙනවා.”
