සොයන්න
උණුසුම් පුවත්

Movie Review

අනාගත තාක්‍ෂණික විප්ලවය ගැන ඉගි කරන මොකක්ද මේ Black Mirror TV සීරියස් එක​?

අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් විශේෂ ටීවී සීරියස් එකක් ගැන​. ඒ තමයි Netflix හරහා තිරගත වෙන බ්ලැක් මිරර් ටෙලි කතා මාලාව​. මනසේ අගුළු හරින වගේම ලෝකයේ බිහිවෙන්න නියමිත තාක්‍ෂණයේ විප්ලවීය වෙනස මිනිස් ජීවිත වලට බලපාන ආකාරය බ්ලැක් මිරර් හරහා හරි අපූරුවට ඉදිරිපත් කරලා තිබෙනවා. 2011 වසරේ ඉඳන් මේ වෙනකන්ම සීසන් 06ක් එපිසෝඩ්ස් 27 විදිහට බ්ලැක් මිරර් ලෝ වටා ප්‍රේක්‍ෂක ආකර්ශණය දිනා ගන්නත් ඔවුන්ව අන්ද මන්ද කරන්නත් සමත්වෙලා තිබෙනවා. මම ඇයි එහෙම කියන්නේ? මේකේ එන සමහර එපිසෝඩ්ස් බැලුවම ඔයාලට දවස් ගාණකට කල්පනා කරන්න වගේම​ එපියෙන් එපිය පෝඩ්කාස්ට් එකක් කරන්න තරම් වුණත් දේවල් හිතන්න ඉතුරු වෙන නිසා.

බ්ලැක් මිරර් අයිති වෙන්නේ ඇන්තලොජි ගණයට​. ඒ කියන්නේ එපියෙන් එපියට එන්නේ වෙනස්ම කතාවක්. වෙනස්ම නළු නිළියන්. ඒ ඒ කියන එපිසෝඩ්ස් Cyber Thriller, Psychological Drama, Suspense Mystery, Tragedy වගේ විවිධ අනු ඛාණ්ඩ වලට බෙදෙනවා. සාමාන්‍යයෙන් පැයක් හෝ ඊට වඩා පොඩි වේලාවක් අඩු වැඩි වශයෙන් දිවෙන මේ එපිසෝඩ්ස් ප්‍රේක්‍ෂකයන්ව වෙනමම මානයකට තමයි අරගෙන යන්නේ. මෙහි නිර්මාණකරුවන් කියන විදිහට නම් තාක්‍ෂණයට අපි කොයිතරම් ඇබ්බැහි වෙලා ද තාක්‍ෂණය හමුවේ මිනිසුන් කෙතරම් යටපත් වෙලාද කියන සංකල්පය තමයි මේ හරහා කියාපාන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම තාක්‍ෂණික පිමි වලට සමගාමීව මිනිසාගේ හැසිරීම් මොන වගේ වෙයිද කියන එකේ පෙරයීමකුත් බ්ලැක් මිරර් හරහා ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා කියන්න පුළුවන්.

මෙහි පළවෙනී සීසන් දෙකම තිරගත කලේ චැනල් 4 නාලිකාවෙන්. ඉන් පස්සේ නෙට්ෆ්ලික්ස් සමාගම බ්ලැක් මිරර් වෙබ් සීරියස් එකක් විදිහට ඉදිරියට තිරගත කරගෙන යනවා. බ්ලැක් මිරර් සීසන් 06 2023 අවුරුද්දේදී බලාගන්න පුළුවන්කම ලැබුණා වගේම එහි තවත් එපිසෝඩ්ස් 06ක් 2025 අවුරුද්දේ ඔවුන් විසින් ප්‍රේක්‍ෂකයන් හමුවට ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “What if” අනාගතය මෙහෙම වුණොත් ඔබ ඊට අනුගත වෙනවා ද නැත්නම් පරාජය හෝ වෙනත් මාවතක් වැළඳ ගන්නවා ද​? මේක තමයි බ්ලැක් මිරර් ගොඩාක් එපිසෝඩ්ස් වල බේස් එක නැතිනම් අත්තිවාරම වෙලා තියෙන්නේ. මේකේ මම ආසම එපිසෝඩ්ස් කීපයකුත් ඔයාල හමුවේ සටහන් කරන්නම ඕන කියලා හිතුණා. සීසන් 05 එකේ එන​ Striking Vipers, සීසන් 6 එකේ එන​ Joan is Awful, Beyond the Sea වගේම සීසන් 04 වල ආව USS Callister බොහොම රසවත් එපිසෝඩ්ස්.

IMDB එකේ ශ්‍රේණිගත කිරීම්වල තියෙන හොඳම ටීවී සීරියස් 250න් 80 වෙනි තැන තියෙන්නේ අද අපි මේ කතා කරපු බ්ලැක් මිරර් සීරියස් එක​. පෞද්ගලිකව මම මේක මෑතකදී රිලීස් වුණ සීසන් වල ඉඳන් ආපස්සට බලන එක තමයි කලේ. එහෙම බැලුවත් මුල ඉඳන් බැලුවත් ඔයාලගේ රසවින්දනයට කිසිම​ බාධාවක් වෙන්නේ නැහැ මොකද, කතාංගයන් එකිනෙකට වෙනස් නිසා. ලක්‍ෂ හය හමාරකට අධික වෝට්ස් වලින් මම මේ සටහන තබන වෙලාව වෙද්දී 8.7/10ක වගේ ඉහල රේටින්ග් එකක් බ්ලැක් මිරර් වෙතට ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාල බලලා තියෙන සුපිරි චිත්‍රපටි සහ ටීවී සීරියස් වල හිටපු නළු නිළියන් රැසකුත් සමහර එපි හැඩ කරන්න ඔවුන්ගේ රංගණ දායකත්වය බ්ලැක් මිරර් කතා මාලාවට​ සපයලා තියෙනවා. සීරියස් Trailer එක පහතින් අමුණන්නම්. එහෙනම් රසබර ලිපියකින් නැවත හමුවෙමු! සුභ දවසක්!

Tags