සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කරාපිටිය ශික්‍ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කෙරේ

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
 
අද (23) පැවති අමාත්ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන විසින් මේ බව සඳහන් කර තිබුණා.
 
මේ වන විට ශ්රී ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් වශයෙන් කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුලත් වන අතර කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය එලෙස හිමිව තිබෙනවා.
 
එමෙන්ම පොතුවිල් මුලික රෝහල මධ්යම රජයට පවරා ගනිමින් සංවර්ධනය කිරීම සඳහා ද අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.
Tags