සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගම්මන්පිලගේ ප්‍රකාශයක් ගැන CIDයෙන් පරීක්ෂණයක්

2025 අගෝස්තු මස 5 වනදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර සමඟිය ඇති වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2025 අගෝස්තු මස 08 වනදා ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවියට මෙහිදී දැනුම් දී ඇත්තේ මේ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බවයි.

Tags