සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයට සැලසුම් කරයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙලේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමට ද සැලසුම් කර ඇති අතර ඒ සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතයි.

මෙම නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියදුරු නේවාසිකගාරය ද නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

හෙක්ටයාර් 1.42ක භූමී ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පොළ 1964 වසරේ දී ආරම්භ කර ඇති අතර දෛනිකව බස් රථ 1500 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු කෙරෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය වුණා.

Tags