සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බවට පැවසෙන කෙහෙල්බද්දර පද්මේ හා කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේ දී අද (09) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව තොරතුරු මේ වන විටත් ජාත්‍යන්තර පොලීසියෙන් නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.

අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව කොළඹ උසාවි සංකීර්ණයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවීම පිළිබඳව සෘජුවම චෝදනා එල්ල වුණේ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහා කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනාටයි.

සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිටත් කොමාන්ඩෝ සලින්ද මැලේසියාවේ සිටත් එම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි.

මේ අනුව පොලීසිය අදාළ අපරාධකරුවන් දෙදෙනාට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කරනු ලැබුවා.

Tags