සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රජයේ බස් ගාස්තු අඩු කිරීමේ යෝජනාවට බස් සංගම්වල විරෝධය

බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම් දී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ජුලි 1 වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවුණා.

කෙසේ වෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

යම් අයුරකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවනු ඇති.

Tags