සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් නොදෙන බව අග්‍රාමාත්‍යවරිය පවසයි

රජය කිසිදු කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මෙසේ ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් (LGBTIQ+) සම්බන්ධයෙන් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ,

“සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා. එවැනි කරුණු ඉදිරිපත් කරන විට අපි සංවේදී විය යුතුයි. ඒවා නිසා අපහසුතාවට පත්වන ප්‍රජාවක් සිටිනවා. ව්‍යවස්ථාව අනුව සියලු දෙනාට සමානව හැසිරිය යුතුයි. රජයේ ස්ථාවරය පැහැදිලියි. අපි කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද හෝ ප්‍රවර්ධනයක් නොකරනවා.”

ඇය තවදුරටත් පෙන්වාදුන්නේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් හා දරුවන් සම්බන්ධයෙන්ද රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවය.

“බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගැන සොයා බලනවා. වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා විශේෂ පියවර ගන්නවා. එවැනි දරුවන් මෙවැනි ස්ථානවල සිටීම වැළැක්වීමට නම් අධිකරණ ක්‍රියාවලියද වෙනස් කළ යුතුයි.”

මෙය අග්‍රාමාත්‍යවරිය විසින් අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර, රජය සංවේදි සමාජ කාරණා දේශපාලන වාසි සඳහා භාවිතා නොකරන බවද ඇය තවදුරටත් අවධාරණය කළාය.

Tags