දේශීය පුවත්
අපරාධ කල්ලි සාමාජික “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට
මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධතා ඇති ලෙස සැකකළ ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වෙඩිතැබීම්, කප්පම් ගැනීම සහ විවිධ අපරාධ චෝදනා රැසකට චෝදනා ලැබ සිටියි.
“බස් ලලිත්” දැනට මියගොස් ඇති අපරාධකරුවන් වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙකි. පෙර ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වී සිටින අතර, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි රටට ගෙන්වා තිබේ.
ඔහුට එල්ලව ඇති චෝදනා අතර, 2022 සිට 2025 දක්වා සිදුවූ විවිධ ඝාතන, ඝාතන උත්සාහ සහ කප්පම් ගැනීමේ සිදුවීම් 15ක් ඇතුළත් වේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුව නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. මොහු අත්අඩංගුවට ගැනීමත් සමග, හංවැල්ල ඇතුළු ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ බවද වාර්තා වේ.
