දේශීය පුවත්
ජනපති අපේක්‍ෂකයන්ගේ විවාද මාලාවේ පළමුවැන්න හෙට! රනිල්, අනුර විවාදයට සහභාගී වේවිද?
‘මාර්තු 12’ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්‍ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH හිදී) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම විවාදය සියළුම ප්‍රධාන රූපවාහීනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා 200කට අධික ප්‍රමාණයක හෙට පස්වරු 3.00 සිට 5.00 දක්වා විකාශය කිරීමට නියමිත බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.
සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්‍ෂ සහ පී. ආරියනේත්‍රන් යන ජනාධිපතිධූර අපේක්‍ෂකයන් හෙට දින විවාදයට සහභාගී වීම ස්ථිර කර ඇති අතර, රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සහභාගී වීමට අපහසු බව දන්වා ඇති බවත්, අනුර කුමාර දිසානායකගේ පැමිණීම මෙතෙක් තහවුරු කර නොමැති බවත් සඳහන් වනවා.
