දේශීය පුවත්
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දින දෙකකින්
ඉන්ධන මිල සංශෝධනය සමඟ බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
එම සභාවේ අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිසම රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමු දින සිට ක්රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමඟ එය අද (01) දිනයේ ක්රියාත්මක නොවන බවද ඇය පවසනවා.
