සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මාස 7ට ව්‍යාපෘති 57කට BOI අනුමැතිය

වසරේ ගත වූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

ඒ මහතා සිය සටහනෙන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 507ක ආයෝජන මේ වන විටත් පැමිණ ඇති බවයි.

මෙය 2024 වසරට සාපේක්ෂව 101%ක වර්ධනයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

Tags