දේශීය පුවත්
විදුලි ගාස්තු සංශෝධන ගැන තීරණය මේ සතියේදී
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් විමසීමෙන් පසුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
“2025 වසරේ දෙවන අර්ධය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත්කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙවත් 18.3%ක වැඩිවීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්‍රියාවලියක් ඒ උපදේශන ක්‍රියාවලිය තුළදී මහජනතාව විසින් ලබාදෙන ලිඛත සහ වාචික අදහස් යෝජනා අධ්‍යනය කිරීම අවසන් අදියරයේ පවතිනවා.
ඒ වගේම යෝජනාව ගාස්තු ක්‍රමවේදයට ඇති අනුකූලතාවය පිළිබඳව ඒ සමාලෝචන කටයුතු අවසන් අදියරයේ පවතිනවා.
ඒ නිසා බොහෝ වෙලාවට මේ සතිව තුළදී ඉදිරි අර්ධය සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු මොනවද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හැකිවේවී යන අපේක්ෂාව තිබෙනවා.
මේ සතිය තුළදී බොහෝවිට මේ අවසන් තීන්දුව ප්‍රකාශය පත්කරන්න පුළුවන් වේවී.”
