දේශීය පුවත්
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ වැඩ තහනම් කරයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන තිබුණා.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදු කිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්.
