දේශීය පුවත්
ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර මිල්ස් හි 40%ක කොටස් හිමිකරගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ 40% කොටස් හිමිකමක් අද (17) දින අත්පත් කරගෙන ඇත. මෙම ගනුදෙනුව සඳහා ඔහු රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, සමාගමගේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට අයත් Senthilverl Holdings (Pvt) Ltd සමාගම සතුව තිබූ කොටස් 778,946ක් ඔහු මිලදී ගෙන ඇත. එක් කොටසක් රු. 3,300ක මිලකට අලෙවි වී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය ධම්මික පෙරේරා මහතා විසින් 2025 වර්ෂයේ සිදුකළ සිව්වන ප්‍රධාන ව්‍යාපාරික අත්පත් කර ගැනීම වන අතර, මීට පෙර ඔහුගේ වැලිබල් වන් සහ එල්බී ෆිනෑන්ස් සමාගම් මගින් Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය මිලදී ගෙන තිබුණි.
ඊට අමතරව, EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් අයිතිය වෙනුවෙන් රු. බිලියන 3.23ක ආයෝජනයක්ද ජූලි මාසයේදී සිදුකරනු ලැබීය. එසේම ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සහ වැලිබල් ත්‍රී සමාගම් ඒකාබද්ධ කිරීමද ඔහුගේ ව්‍යාපාරික කටයුතු අතර දැක්විය හැකි විශාලතම ගනුදෙනුවලින් එකක් ලෙස සැලකේ.
